Cricket NewsEXCLUSIVELPL

අවසන් වටයට පිවිසීම සඳහා Colombo Stars සහ Kandy Warriors අතර සිතල යුද්ධයක්.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් 4 හෙවත් Play off තරගය වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා Colombo Stars සහ Kandy Warriors අතර තරගයක් පැවැතියත් එහි වැඩි වාසි Colombo Stars පිලට හිමිව තිබෙනවා.

මූලික තරග වටය යටතේ දෙපිළම තරග 6 බැගින් සහභාගව තිබෙන අතර Colombo Stars කණ්ඩායම තරග 3 ක්ද Kandy Warriors පිල තරගයක්ද ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවනවා.

දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ Jaffna Kings එරෙහිව පැවැති තරගය ජය ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්වීමත් සමඟ Galle Gladiators පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට එක්වුණු තෙවැනි කණ්ඩායම බවට පත් වීමට සමත් වුනා.

Jaffna Kings පිල තරග 6 කදී ජයග්‍රහණ 5 ක් ලබා ප්‍රසාද ලකුණු 10 ක්ද සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටින අතර තරග 7 කදී ජයග්‍රහණ 3 ක් සහ එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වීම නිසා ප්‍රසාද ලකුණු 7 ක් දිනා සිටින Jaffna Kings පිල තෙවැනි ස්ථානයේ පසු වනවා.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පැමිණීමට නම් Kandy Warriors පිලට මීළඟට සහභාගිවීමට නියමිත Jaffna Kings පිලට සහ Colombo Stars පිලට එරෙහි තරග 2 ම ජය ගැනීම අනිවාර්ය වන අතරම Colombo Starsට සහ Jaffna Kings අතර තරගය Jaffna Kings ජය ගත යුතු වේ.

එසේ වුවහොත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 දක්වා සමාන තත්ත්වයට පත් වන බැවින් වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත්වන කණ්ඩායම ලබන 20 වැනිදා සිට පැවැත්වෙන අවසන් වටයේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7