Cricket NewsEXCLUSIVE

අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ පන්දුයවන්නන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් ගෙනෙයි ! මතීශගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් !

සංචාරක ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දු රකින්නට ඇෆ්ගනිස්තානය තීරණය කරද්දී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සියල්ලන්ම දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණයි.අස්ථාවර වූ ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කල වනිඳු හසරංග පන්දු 32 දී ලකුණු 67 ක් රැස් කලේ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින්.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණයි.අවසන් පන්දුවාර කිහිපයේදී තරඟය සියතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරඟය ලකුණු 4 කින් ජයගත්තේ තරඟය කණපිට පෙරලා දැමූ මතීශගේ පන්දුවාරයද සමඟයි.

19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් අත්‍යාවශ්‍යම කඩුලු දෙකක් බිඳ හෙලන්නට ඔහු සමත්වූයේ තරඟය පුරාවට කඩුලු 4 ක් දවාලමින් .

ඒ අනුව දෙරට අතර පැවැති පළමු තරඟය ලකුණු 4 කින් ජයගත්තේ ශ්‍රී ලංකාවයි.

තරඟයේ වීරයා ලෙසින් මතීශ (4/22) සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7