Cricket GossipCricket NewsEXCLUSIVEIPL

Rishi Dhawan වසර හයකට පසුව මුහුණු ආවරණයකුත් පැළඳ IPL ක්‍රීඩා කළ හේතුව අනාවරණය වෙයි.!

Punjab Kings කණ්ඩායමේ දකුණතින් මද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Rishi Dhawan ඊයේ Chennai Super Kings කණ්ඩායමට එරෙහිව තරඟ බිමට පිවිස තිබෙන්නේ මෙවර තරඟාවලියේ ඔහු ක්‍රීඩා කරන පළමු තරඟය ලෙසටයි.

එමෙන්ම ඔහු 2016 වසරෙන් පසුව IPL තරගයක් ද ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව ද මෙයයි. 2013 දී ප්‍රථම වරට ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියට පිවිසි ඔහු අවසන් වරට ක්‍රීඩා කරනු ලැබුවේ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමටයි. Rishi Dhawan හට ඊයේ තරගයේදී පන්දුවට පහර දීමට අවස්ථාවක් නොලැබුණු අතර, පන්දු යැවීමේදී Rishi Dhawan මුහුණු ආවරණයක් පැළඳ සිටීම හේතුවෙන් එය ඉන්දියාවේ මෙන්ම ක්‍රිකට් ලෝකයේම දැඩි අන්දොලනත්මක සිදුවිමක් බවට පත්ව තිබුනා.

Rishi Dhawan ඊයේ තරඟය ක්‍රීඩා කරන අවස්ථවේ මුහුණු ආවරණයක් පැළඳ සිටි අතර, එයට හේතුව බොහෝ දෙනෙකු තරඟ අතරතුරම විමසා ද තිබෙනවා. මෙවර IPL තරඟාවලිය ආරම්භ වීමට පෙර Rishi Dhawan ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම පළමු පෙළ තරඟාවලිය වන රංජි කුසලානයට ක්‍රීඩා කළ අතර එහිදී දෙවන වටයේ තරඟයක් අතරතුර පන්දුවක් ඔහුගේ මුහුණේ වැඩිම හේතුවෙන් ඔහු තරඟයෙන් අතරමැද ඉවත් වුනා.

අනතුරුව ඔහුව ස්කෑන් පරීක්‍ෂණ සඳහා රෝහල්වලට ද රැගෙන ගිය අතර එම හේතුව නිසාම ඔහුට Punjab Kings කණ්ඩායම ක්‍රීඩා කල පළමු තරග 7ට ක්‍රීඩා කිරීමට නොහැකි විය.

රිෂි ධවාන්ගේ නාසයට එම පන්දුව පහර වැදීමෙන් පසු ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ මුහුණ හානිවලින් ආරක්ෂා කර ගැනීම සඳහා, ඔහු පන්දු යවන අතරතුර මුහුණු ආවරණයක් භාවිතා කර තිබෙනවා.

එමෙන්ම පුහුණුවීම් වල නිරත වන අවස්ථාවන්වල පවා ඔහු මෙලෙස මුහුණු ආවරණයක් පැළඳසිට තිබෙනවා.

Chennai Super Kings කණ්ඩායමට එරෙහිව පැවති තරඟයට පෙර Punjab Kings සිය නිල ට්විටර් ගිණුමේ Rishi Dhawan සම්භන්දව වීඩියෝවක් පළ කර ඇති අතර එහිදී Rishi Dhawan, IPL හි මුල් අධියරට නොපැමිණීමට හේතුව ලෙස මෙම කරුණු හෙළිදරව් කර තිබෙනවා.

එමෙන්ම ඊයේ තරඟයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔහු ප්‍රතිවාදී කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුයේ Punjab Kingsහි ජයග්‍රහණය ද ඉකමන් කරමිනි

Punjab Kings කණ්ඩායම Rishi Dhawan වෙනුවෙන් තැබූ වීඩියෝ පටය පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7