Cricket NewsEXCLUSIVE

ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවයි – බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් සංග්‍රාමයට ශ්‍රී ලංකාව සුදානම්.!

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය හෙට (23) ආරම්භ වීමට නියමිතය.පළමු තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වීම නිසා හෙට ආරම්භ දෙවන ටෙස්ට් තරඟය දෙපිලට තීරණාත්මක වනු ඇති අතර එම තරඟයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ටෙස්ට් ලෝකශූරතාවලියේ අවසන් පූර්ව වටයක් කරා යෑමට අතිශය තීරණාත්මක වනු ඇත.

සාම්ප්‍රදායික ඩකා තණතීරුවද පළමු තරඟයේ තණතීරුවට වඩා තරමක් වැඩි වියලි බවක් අපේක්ෂා කල හැකි නමුත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරඟයටද නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක් හා දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ ක්‍රීඩා කිරීමට නියමිත අතර ධනංජය ද සිල්වා ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් දඟ පන්දු බලඇණිය සවිමත් කරනු ඇත.

පළමු ටෙස්ට් තරඟයට සාපේක්ෂව එක් වෙනසක් ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකර තිබෙන අතර මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළේය.

මෙම තරඟයේදී වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය විවේක ගන්වාඇති අතර ඔහුගේ ආදේශනය ලෙසින් ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර තිබේ.අවසන් වරට බංග්ලාදේශයට එරෙහිව පැවැති තරඟාවලියේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ප්‍රවීන් සාර්ථක ලෙස එම තරඟාවලිය නිමා කලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියාද වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කල හෙට තරඟය ක්‍රීඩා කරන ටෙස්ට් කණ්ඩායම

01 දිමුත් කරුණාරත්න

02 ඕෂද ප්‍රනාන්දු

03 කුසල් මෙන්ඩිස්

04 ඇන්ජලෝ මැතිව්ස්

05 ධනංජය ද සිල්වා

06 දිනේෂ් චන්දිමාල්

07 නිරෝෂන් දික්වැල්ල

08 රමේෂ් මෙන්ඩිස්

09 ප්‍රවීන් ජයවික්‍රම

10 අසිත ප්‍රනාන්දු

11 කසුන් රාජිත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7