Cricket NewsEXCLUSIVE

සිකන්දර් රාසාගේ විශිෂ්ඨ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට වාර්ථාගත ජයක් ! සිම්බාබ්වේ පිතිකරුවෙකු රැස් කල වේගවත්ම ශතකය රාසාගේ නමට !

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ පස්වැනි තරඟය අද හරාරේ ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායමත් නෙදර්ලන්ත කණ්ඩායමත් අතර පැවැත්වුණි.වාර්ථාගත හඹායෑමක නිරත වෙමින් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක ජයක් අත් කරගන්නට සමත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 50 නිමා කලේ කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් රැස් කරමින්.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වික්‍රම්ජිත් සිං ලකුණු 88 ක් හා නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 83 ක් රැස් කලේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දුයැවීමක නිරත වූ සිකන්දර් රාසා කඩුලු 4 ක් බිඳ දමන්නට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 316 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කයක පසු කර ගියේය.වාර්ථාගත හඹායෑමක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායම වාර්ථා අතරට එක්වූයේ ලකුණු 315 ක ඉලක්කයක් හඹාගිය වේගවත්ම කණ්ඩායම් අතර තෙවැන්නා වෙමින්.

පන්දු 54 කදී වාර්ථා වූ රාසාගේ නොදැවුණු ශතකය වාර්ථා අතරට එක්වූයේ එදා මෙදා තුර ඉතිහාසයේ සිම්බාබ්වේ ක්‍රීකයෙකු රැස් කල වේගවත්ම ශතකය ලෙසටයි.

හතරේ පහර 6 ක් හා හයේ පහර 8 ක් සමඟින් නොදැවී ලකුණු 102 ක් රැස් කරන්නට රාසා සමත් වද්දී සීන් විලියම්ස් ලකුණු 91 ක් රැස් කලෙය.

පන්දු යැවීමේදී ශරීස් අහමඩ් නෙදර්ලන්තය වෙනුවෙන් කඩුලු දෙකක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් සුපිරි තුන් ඉරියව් දස්කම් දැක්වූ සිකන්දර් රාසා සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7