Cricket NewsEXCLUSIVE

සංචාරක කොදෙව්වන් පරදා යොවුන් සිංහයන්ට කඩුලු 6 ක ජයක් ! රවිශාන්,සුපුන් හා දිනුර කලුපහණ අර්ධ ශතක රැස් කරද්දී සන්කේත් සුපිරි පන්දු යැවීමක !

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් යොවුන් එක්දින තරඟාවලිය අරඹමින් පැවැති පළමු යොවුන් එක්දින තරඟයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කරගන්නට යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ තීරණය අනුව මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව් යොවුන් පිල පන්දුවාර 49 කදී සියළු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 223 ක් .

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ Nathan Sealy ලකුණු 76 ක් හා Adrin Weir ලකුණු 33 ක් රැස් කල අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ගරුක සන්කේත් ලකුණු 49 කට කඩුලු 5 ක් බිඳ හෙලද්දී දිනුර කළුපහණ කඩුලු 3 ක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක ශ්‍රීලංකා යොවුන් ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දුවාර 43 කදී පසුකර ගියේ කඩුලු 6 ක් ද අතැතිවයි.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් රවිශාන් නෙත්සර ද සිල්වා ලකුණු 69 ක් සුපුන් වඩුගේ ලකුණු 52 ක් හා දිනුර කළුපහණ නොදැවී ලකුණු 52 බැගින් රැස් කලේය.

පන්දු යැවීමේදී යොවුන් කොදෙව්වන් වෙනුවෙන් Nathan Edwards කඩුලු 3 ක් බිඳ හෙළුවේය.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු යොවුන් එක්දින තරඟය කඩුලු 6 කින් ජයගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරංගාවලියේ පෙරමුණෙහි පසුවෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7