Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන ඉතිහාසයේ 8 වැනි වරටත් ශ්‍රී ලංකාව පකිස්තානය ඉදිරියේ දණ නමයි ! මතීශ පතිරණ වේගවත්ම වයිඩ් පන්දු 100 වාර්ථාව අභියස !

ඊයේ ශ්‍රී ලංකාවත් පකිස්තානයත් හයිද්‍රාබාද් හිදී පැවැති තරඟයෙන් පකිස්ථානය කඩුලු 6 කින් ජයගත්තේ ජගත් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ඨතම හඹායෑමට හිමිකම් කියමින්.

කලකට පසුව ශ්‍රී ලංකා එක්දින පිල ඉතා හොඳ අඩිතාලමක් ඉනිමට දැමූවේ උපනායක කුසල් මෙන්ඩිස්ගේ හා සදීර සමරවික්‍රමගේ ශතකයන් හේතුවෙන්.

ලකුණු 380 කට යෑමට තිබූ ලකුණු පුවරුවක් ලකුණු 344 කට සීමා කිරීමේ ගෞරවය නායකත්ව ලේබලයෙන් අසාර්ථකත්වයේ විලි වසාගන්නා නායක දසුන් ශානකටත් දිගින් දිගටම අසාර්ථක දනංජයද සිල්වාටත් පිංසිදු වන්නට ලකුණු 344 කට සීමා විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 345 ක ඉලක්කය පහසුවෙන් පකිස්තානයට පසුකරයන්නට අඩිතාලම දැමූ මතීශ පතිරණ 9 තුලදී ලබාදුන් ලකුණු සංඛ්‍යාව 90 ක්.

තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් මොහොමඩ් රිස්වාන් ලකුණු 131 ක් හා අබ්දුල්ලා ශෆීක් ලකුණු 113 බැගින් රැස් කරමින් පකිස්තානය ජයග්‍රහණය සඳහා මෙහෙයවීය.

අඩුම තරඟ ගණනකින් වයිඩ් පන්දු 100 ක් යොමුකල ක්‍රීඩයකයා වීමට මතීෂ පතිරණට අවැසිව ඇත්තේ තවත් වයිඩ් පන්දු 29 ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button