Cricket NewsEXCLUSIVEWoman Cricket

චමරි අතපත්තුගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම් හේතුවෙන් පකිස්ථාන ක්‍රීඩිකාවන් පරාජය කල ශ්‍රී ලංකාව තෙවැනි තරඟයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කරයි.!

පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) සහභාගිවුණු තෙවැනි එක්දින තරඟයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ නමුත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පකිස්ථාන ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කල අතර පෙර තරඟ දෙකම වුන් ජයගෙන තිබුවා.

Southend හි පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 260ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායිකා චමරි අතපත්තු අද දිනයේ සිය 6වන එක්දින ශතකය වාර්තා කරීමට සමත් වුනා. ඇය පන්දු 85කදී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වුනා. ඇයගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ අහ්ත්රේ පහර 13ක් ඇතුලත් වුනා.

ඊට නැගී සහයක් දුන් හර්ශිතා මාධවී ලකුණු 75ක් රැස් කළ අතර කවීෂා දිල්හාරි ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Fatima Sana සහ Anam Amin කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 261ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කාන්තා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 41.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 167ක් පමණයි.

පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Aliya Riaz ලකුණු 56ක් රැස් කල අතර Omaima Sohail ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඕෂදී රණසිංහ සහ චමරි අතපත්තු කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සම්මානය පිතෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button