Cricket NewsEXCLUSIVEInternational

Joe Rootගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ලෝක ශුර නවසිලන්ත කණ්ඩායම පරාජය කළ එංගලන්තය 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගනී.!

හිටපු නායක Joe Root ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත් වූ එංගලන්තය, ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සමත් වුනා. තරගයේ සිව්වැනි දිනය වූ අද (05 ) පෙරවරුවේදීම, ලකුණු 277 ක ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය එංගලන්ත කණ්ඩායම, සිය අලුත් නායකයා වන Ben Stokesට මංගල තරගයේදීම ජයග්‍රහණය අත්කර දීමට සමත් වුනා.

ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද සමත් වුනා.

ටෙස්ට් ලකුණු 10,000 කඩයිම පසුකර ගිය ලෝකයේ 14 වැනි පිතිකරුවා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්වූ Joe Root, තරගය නිමා කළේ නොදැවී ලකුණු 115 ක් ලබාගනිමිනි.

Joe Root සහ කඩුලු රකින්නා වන Ben Foakes අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 120 ක් විය. එහෙත් මෙම සම්බන්ධතාවට Ben Foakesගේ දායකත්වය වූයේ ලකුණු 32 ක් පමණි.

සිව්වැනි ඉනිමේදී, ලකුණු 277 ක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත පිලේ කඩුලු 4 ක් ලකුණු 69 කට බිඳ වැටිණ. එම අවස්ථාවේදී එක්වූ හිටපු නායකයා සහ වත්මන් නායකයා වන Ben Stokes පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පැය දෙකකට වැඩි කාලයක් පිටියේ රැඳුණු Ben Stokes ලකුණු 54 කට දැවී ගියද, දිගටම තම ඉනිම දිගුකළ Joe Root, පැය පහමාරකට ආසන්න කාලයක් පිටියේ සිටිමින් එංගලන්තය ජයටැඹ කරා ගෙන ගියේය.

Ben Stokesගේ දැවීයාමෙන් පසුව එංගලන්ත පිලේ බර කරට ගත් Joe Root, කඩුලු රකින්නා Ben Foakes සමගින් එක්ව ලකුණු 120 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්, එම ලකුණු 120 න් 81 ක්ම රූට් විසින් එකතු කරන ලදි.

අද තරගය ආරම්භ කරන විට එංගලන්ත ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 61 ක් පමණි. පෙරවරුවේදී තරමක් ශීතල ස්වභාවයක් පැවැති නමුත් එයින් වාසියක් ලබාගැනීමට නවසීලන්ත මඳ වේග පන්දු යවන්නෝ අපොහොසත් වූහ. අඩි 6 අඟල් 8 ක් උස කයිල් ජැමීසන් කඩුලු 4 ක් දවාගත් නමුත්, Joe Root සහ Ben Foakes දෙදෙනා කිසිම අපහසුතාවකින් තොරව තමන්ගේ ඉලක්කය කරා ගියහ.

මෙම ලකුණු 115, Joe Rootගේ 26 වැනි ටෙස්ට් ශතකය වූවත්, ඔහු තරගයක සිව්වැනි ඉනිමේදී ලබාගත් පළමුවැන්නද එය විය.

මේ වසරේදී කොදෙව් පිල හමුවේ ලද පරාජය හේතුවෙන් Joe Root නායකත්වයෙන් ඉල්ලා අස්වූ නමුත් එංගලන්ත ටෙස්ට් පිලේ Joe Root යනු ප්‍රබල සාධකයකි.

එංගලන්තය සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන සිකුරාදා නොටිංහැම්හිදී ආරම්භ වෙයි.

නවසීලන්තය පළමු ඉණිම – 132/10
එංගලන්තය දෙවන ඉණිම- 141/10
නවසීලන්තය පළමු ඉණිම- 285/10
එංගලන්තය -දෙවන ඉණිම 279/5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button