Cricket NewsEXCLUSIVEWoman Cricket

චමරි අතපත්තුගේ ප්‍රහාරාත්මක පිතිකරණය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි – ප්‍රසාද ලකුණු සටහනේත් ශ්‍රී ලංකාව පෙරමුණට.!

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් දෙවන තරඟය අද කෙන්යානු කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්විනි.

ඒ මලයාසියාවේ ක්වාලා ලාම්පූර් නුවර කින්‍රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී ය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මුලින්ම පන්දු රැකීමට තීරණය කලේය.

එතරම් ප්‍රවේගකාරී නොවූ කෙන්යානු ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 86 ක් රැස් කලේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ සාර්ථක වීමට අපොහොසත් වූ කෙන්යානු ඉනිම වෙනුවෙනු ආරම්භක පිතිකරු ක්වින්‍ටර් ඇබෙල් ලකුණු 33 ක් හා සාර වෙටේටෝ ලකුණු 29 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු,ඉනෝකා රණවීර,සචිනි නිසංසලා,කවීශා දිල්හාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

ලකුණු 87 ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසු කර ගියේ පන්දුවාර 9 කුත් පන්දු 3 ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 89 ක් රැස් කරගනිමිනි.

පළමු කඩුල්ල සඳහා වාර්ථා ගත ලකුණු 83 ක් එක් කරන්නට නායිකා චමරි අතපත්තු සමඟින් එක්වූ විශ්මි ගුණරත්න හට හැකිවිය.මෙවර තරඟාවලියේ පිට පිට දෙවන අර්ධ ශතකයද වාර්ථා කරන්නට චමරි අපත්තු සමත් වූ අතර පන්දු 29 කදී වාර්ථා වූ ලකුණු 57 හතරේ පහර 8 කින් හා හයේ පහර තුනකින් වර්ණවත් විය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි විශ්මි ගුණරත්න හතරේ පහර 3ක් සමඟි ලකුණු 26 ක් රැස් කලේය.දැවීගිය එකම කඩුල්ල දවාගන්නට එස්තර් වචීරා සමත් විය.

පිට පිට දෙවන වරටත් තරඟේ වීරයා සම්මානය දිනාගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වූ අතර මෙවර සුදුසුකම් ලබාගැනීමේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ක්‍රීඩා කල තරඟ ද්විත්වයම ජයගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button