Cricket NewsEXCLUSIVEInternational

“ඔවුන් දෙදෙනාම ලෝක කුසලානයෙන් ඉවත් වීම විශාල කනස්සල්ලක්” – චමීර හා මදුශංකගේ අබාධ පිලිබඳව අදහස් දක්වමින් ආකාශ් චොප්රා කියයි.

විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට පෙරදීම යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට සිය කුළුඳුල් ලෝක කුසලාන තරඟාවලිය අහිමි විය.එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරඟයේ අවසන් භාගයේදී චමීර යලිත් ආබාධයකට ගොදුරු වූයේ ආසියානු කුසලානයේදී මෙන්ම ලෝක කුසලානයේදීත් තම ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නාගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි කරමිනි.

චමීර ආසියානු කුසලානයේදී ක්‍රීඩා නොකලත් ඩිල්ශාන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලානය ජයග්‍රහණය කලේය.

චමීර-ඩිල්ශාන් දෙදෙනාම ශ්‍රීලංකා කණ්ඩායමට අහිමි වීම විශාල කනස්සල්ලක් බව ඉන්දීය ප්‍රවීණ විස්තරය විචාරකයෙකු වන ආකාෂ් චොප්රා සඳහන් කලේය.මේ බව ඔහු තම නිල ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේය.

“ඔවුන් ඔහු (චමීර) නොමැතිව ආසියානු කුසලානය ජයගත්තා නමුත් එහිදී මදුශංකව සොයාගත්තා.නමුත් දෙදෙනාම ලෝක කුසලානයෙන් ඉවත් වීම විශාල කනස්සල්ලකි” යනුවෙන් චොප්රා සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන තීරණය කරන තීරණාත්මක තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සවිමත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් වන නමුත් බොහෝ විට ලහිරු කුමාරට හා බිනුර ප්‍රනාන්දු හට එම වගකීම පැවරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7