Cricket NewsEXCLUSIVEInternational

වාර්ථා රැසක් අලුත් කල කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු මට්ටමකට ගෙන යයි!

මෙවර ලෝක කුසලානයේ බී ඛාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ මුහුණ දෙන අවසන් තරඟය අද නෙදර්ලන්තයට එරෙහිව ගීලෝං හි කද්‍රිනා පාක් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ.තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

ක්‍රීඩාංගණයේ පැවැති අපහසු තත්වයන් මත සෙමෙන් සෙමෙන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල සඳහා ලකුණු ලකුණු 36 ක් එක් කලේය.පන්දු 21 කදී ලකුනු 14 ක් පමණක් රැස් කල නිස්සංක පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී දනංජයද සිල්වා පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය.ඉන් අන්තුරුව පිටියට එක්වූ අසලංක සමඟින් එක්වෙමින් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 60 සබඳතාවයක් එක් කලේය.අසලංක ලකුනු 31 කට දැවී ගිය අතර භානුක රාජපක්ෂ වේගවත් ලකුනු 18 ක් රැස් කලේය.

එක් අන්තයක හුදෙකලා වෙමින් විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් ලකුනු 79 ක් රැස් කලේය. පන්දු 44 කදී වාර්ථා වූ මෙන්ඩිස්ගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් හා හතරේ පහර 5 කින් වර්ණවත් විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර ගණනන් වාර්ථා කල පිතිකරුවා බවටද අද කුසල් මෙන්ඩිස් පත් වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එක්ක කල 2000 වන හයේ පහරද තම පිත්තෙන් එල්ල කරමිනි.

ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කල අතර වෑන් මීක්රන් හා බාස් ඩි ලීඩර් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button