Cricket NewsEXCLUSIVEIPL

“IPL හි චමීරට නිසි තැන ලැබිලා නෑ, මම දන්නේ නැහැ ඒ ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන නිසා ද කියලා, ඔහු වටිනා ක්‍රීඩකයෙක්” – ප්‍රවීණ විස්තර විචාරක Aakash Chopra

ගෙවී ගිය ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දෙවන ශ්‍රී ලංකා නියෝජනය වූ දුශ්මන්ත චමීර පුරා තරඟාවලියක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නිමා කලේය.විටෙක රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තුල සිය ප්‍රධානතම වේගපන්දු යවන්නන් දෙදෙනා වූ කයිල් ජෙමිශන් හා මොහොමඩ් සිරාජ් දෙදෙනාම අසාර්ථක වද්දීද චමීර හට අවස්ථාවක් ලබා නොදීම එම වකවානුව තුලදීද හර්ශ බෝගල් හා ආකාශ් චොප්රා යන ඉන්දීය විස්තර විචාරකයින් දෙදෙනාම විවේචනයට ලක් කලේය.

ඒ පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී කඩුලු දවාගන්නට RCB වේගපන්දු යවන්නන් අපොහොසත් වෙද්දී ඒ වෙනුවට නව පන්දුවෙන් සාර්ථක ලෙස පන්දු යැවීමට හැකි චමීර භාවිත නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්නාර්ථයක් එක් කරමිනි.

යලිත් වරක් ආකාශ් චොප්රා ද හින්දුස්තානි ටයිම්ස් සමඟින් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් දුශ්මන්ත හට අවස්ථාව නොලැබීම පිලිබඳව ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කලේය.

“චමීරට නිසි තැන ලැබිලා නැහැ. මම දන්නේ නැහැ ඒ ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන නිසා ද කියලා. තරගාවලියට එක්වන පුහුණුකරුවන් ගොඩක් ඕස්ට්‍රේලියානු ජාතිකයින්.

ඒ නිසා ඔවුන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන Riley Meredith, Jhye Richardson, Kyle Jamieson වැනි පන්දු යවන්නන්ට අවස්ථාව දෙනවා. වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව නැගී එන වටිනා ක්‍රීඩකයින් ලෙස නොදැකීම කනගාටුවට කරුණක්.”

හින්දුස්තානි ටයිම්ස් සමඟින් එක්වූ චොප්රා එසේ සඳහන් කරමින් චමීර හට අවස්ථාව ලබා නොදීම විවේචනය කර තිබුණේ ඒ අයුරිනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7