Cricket NewsEXCLUSIVEIPL

“දුනිත් වෙල්ලාලගේ කියන්නෙ මෙවර IPL නියෝජනයට වැඩිම සුදුසුකමක් ඇති යොවුන් දක්ෂයෙක්” – රවිචන්ද්‍රන් අශ්වින් කියයි.!

 

මෙවර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී නිමාව දුටුවේ පස්වැනි වරටත් ඉන්දීය යොවුන් කණ්ඩායම ලෝක ශූරයන් බවට පත්කරමිනි.

දින 23ක් පුරාවට පැවති මෙම 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති අතර එම තරඟයෙන් කඩුළු 4ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Yash Dull නායකත්වය දරන ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්වුණා.

කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තරගාවලියේ විශිෂ්ටතම සොයාගැනීම් 5 ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ක්‍රීඩකයින් පස් දෙනාගේ ලැයිස්තුවටද ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ නම් කරනු ලැබුවා.

එමෙන්ම මෙම වසරේ පැවැත්වෙන 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ද ශ්‍රී ලංකා 19 පහල ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන් දෙදෙනා නම් වී තිබෙනවා.

මේ අතර පසුගියදා ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ඔහුගේ You Tube නාලිකාවේ වැඩසටහනකදී දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර සිටියේ මෙවර ඉන්දීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට වැඩිම සුදුසුකමක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ට ශ්‍රී ලංකා 19 පහළ නායක දුනිත් වෙල්ලාලගේ සඳහන් කළ හැකි බවයි.

රවිචන්ද්‍රන් අශ්වින් ඒ බව ප්‍රකාශ කළ Video පටය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button