Cricket NewsEXCLUSIVEWoman Cricket

ICCය විසින් නම් කරන ලද පසුගිය මාසයේ “විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව” සම්මානය සඳහා චමරි අතපත්තු නිර්දේශ වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජනවාරි මාසයේ විශිෂ්ටතම කාන්තා ක්‍රීඩිකාව තෝරාගැනීම සඳහා නම් කළ ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම ද ඇතුළත් ව තිබෙනවා.

පසුගිය මාසයේ මැලේසියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරඟාවලියේදී පන්දු 29 කදී ලකුණු 57ක් රැස්කරමින් ශ්‍රී ලංකාව කඩුලු 9ක ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත්වූ අතපත්තු තරගයේ වීරයාට හිමි සම්මානයද දිනාගත්තාය.

ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හතරම ජයගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද අතපත්තුට හැකිවූවාය.

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 158 කදී ලකුණු 150 ක් රැස්කරමින් සිය වෘත්තීය දිවියේ හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩීන්ඩ්‍රා ඩොටින් සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව අළු බඳුන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට දායක වෙමින් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 168 ක සහ දෙවැනි ඉනිමේදී ලකුණු 48 ක් රැස්කළ එංගලන්ත නායිකා හෙදර් නයිට් මෙම සම්මානය සඳහා නිර්දේශිත අනෙක් ක්‍රීඩිකාවෝ බවට පත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7