Cricket NewsEXCLUSIVE

රෝහිත් ශර්මාව හය වරක් දවාගත් චමීර, ලොව වැඩිම වරක් එකම ක්‍රීඩකයෙකු දවාගත් වාර්ථාව තමන් සතු කරගනී.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු විස්සයි විස්සයි විස්ස තරඟාවලිය ඊයේ නිමාව දුටුවේ තරඟ 3-0 ක් ලෙස ඉන්දියාවට තරඟාවලි ජයක් උරුම කර දෙමිනි.

කෙසේ නමුත් කලක් අපේක්ෂාවෙන් සිටි සුභාවාදී දෑ කිහිපයක් ම එම තරඟාවලිය පුරාවට දක්නට ලැබුණි.

දුශ්මන්ත චමීර මෙම තරඟාවලිය ආරම්භ කලේ නවසීලන්ත ක්‍රීඩක ටිම් සව්දි හා සම සමව සිටිමිනි.

ජාත්‍යන්තර පිටියේ වැඩිම වරක් එකම ක්‍රීඩකයා දවාගත් වාර්ථාව දෙදෙනාම තමන් සතු කරගෙන සිටියේ අවස්ථා හතර බැගින් ලබා සිටිමිනි.

මෙවර තරඟාවලියට පෙරාතුව චමීර ජාත්‍යන්තර පිටියේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා සිව් වතාවක් දවාගෙන තිබුණි.දෙවැනි හා තෙවැනි තරඟ දෙකේදී ද රෝහිත් ශර්මාව දවාගන්නට ඔහු සමත් විය.

එය වාර්ථා අතරට එක්වූයේ ජාත්‍යන්තර පිටියේ එක් පිතිකරුවෙකු එක්පන්දු යවන්නෙකු වැඩිම වරක් දවාගත් අවස්ථාව ලෙසින් ය.

රෝහිත් ශර්මා දුශ්මන්ත චමීරට එරෙහිව පන්දු 30 ක් යොමු කර ඇති අතර එහිදී ලකුණු 32 ක් රැස් කරන්නට පමණක් ශර්මා හට හැකි විය.එහිදී 6 වතාවක් චමීර ශර්මාව දවාගෙන ඇති අතර ශර්මා විස්සයි විස්ස පිටියේ චමීරට එරෙහිව එල්ල කර ඇත්තේ හතරේ පහර දෙකක් හා හයේ පහර දෙකක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button