Cricket GossipCricket NewsEXCLUSIVE

“මගෙන් කව්රුහරි ගේම ඉල්ලුවොත්, මම අනිවාරෙන් ගේම දෙනවා” – චාමික කරුණාරත්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේ සිටින තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රිඩකයකු ලෙසත් ක්‍රිඩා පිටියෙ දැඩි ආවේගශීලි ක්‍රිඩා රටාවක් පෙන්නුම කරන ක්‍රිඩකයකු ලෙසටත් චාමික කරුණාරත්න ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් ලෙස ගොඩ නැගෙමින් පවතිනවා.

මේ අතර චාමික පසු ගිය දා මෙරට ජනප්‍රිය Youtube මාධ්‍යවේදියකු වන අශේන් සේනාරත්න හා සංවාදාත්මක වැඩසටහනකට එක් වූ චාමික එම වැඩසටහන තුලදී විවිද අදහස් දක්වා සිටියා.

එයින් කෙටි අදහස් කිහිපයක් පහතින්,

“අපි හිතන්නෙ ගොඩක් රටවල් වලට වඩා පහුගිය ටිකේ අපි දියුණු වෙලා තියෙනව, අපි දියුණු වෙනව වගේම මහන්සි වෙනව. අපේ ඉන්නෙ තරුන ක්‍රීඩකයො, අපේ ශක්තිය වැඩී වැය කරන කාලය වැඩි. ඒ ෆෝකස් එක හොදයි.

ඒ කරනකොට අපිට වැරදෙන්න චාන්ස් එනව. මොකද අපි තාම තරුණ ක්‍රීඩකයො, අපි පොඩී. පරිණත නෑ ඇත්තටම ක්‍රිකට් එකෙ. අපෙ හොද ටැලන්ට් තිබ්බට පරිණත බව අඩුයි. ඒක එනව ටිකෙන් ටික කාලයත් එක්ක.

පොඩි කාලයක් ඇතුලත අපි ලොකු දෙයක් කලා. තව කාලයක් ඉවසන් ඉන්න අපි ඊට වඩා ලොකු දෙයක් කරනව.”

එමෙන්ම මේ අතර අශේන් විසින් “චාමිකගෙන් ගේම ඉල්ලුවොත් චාමික අනිවාරෙන් ගේම දෙනවද” යැයි ඇසූ පැනයටද පිළිතුරු දෙමින් චාමික පවසා සිටියේ අනිවාරෙන් ගේම දෙන බවයි.

එම සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button