Cricket NewsEXCLUSIVEInternational

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟය අතරතුර නවසීලන්ත ක්‍රීඩක විවේකාගාරය තුලින් මතු වූ මනුස්සකම..

වසර ගණනාවක ගෞරවනීය ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන නවසීලන්තය ක්‍රීඩාව තුල මනා ජීවගුණයක් පවත්වාගැනීමේ රුසියන් බව නොරහසකි.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනවූ අද දිනයේ නවසීලන්ත ක්‍රීඩක විවේකාගාරය තුල සිදුවූ මෙම සිදුවීම කාගෙත් අවධානය දිනාගන්නට සමත් විය.

නවසීලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ජර්සියක් පැලැඳ සිටි කුඩා දරුවෙකු නවසීලන්ත ක්‍රීඩක විවේකාගරය තුල සිටි නවසීලන්ත ක්‍රීඩ ඩැරිල් මෙචෙල් ආසන්නයේ අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණි.

ඔහු නමින් ජේකබ්‍ ය. පි ළි කා රෝගයට එරෙහිව සටන් වදින ජේකබ්ට අද බංග්ලාදේශ නවසීලන්ත ටෙස්ට් තරඟය අතර තුරදී ක්‍රීඩක විවේකාගාරය තුල සිට තරඟය නැරඹීමට අවකාශය ලබාදෙන්නට නවසීලන්ත ක්‍රීඩකයන් හා බලධාරීන් තීරණය කර තිබුණි.

ජෛව බුබුලක් යටතේ රැඳී සිටින ක්‍රීඩකයින් හා කාර්‍යමණ්ඩලයට පමණක් සීමා වූ ක්‍රීඩක විවේකාගාරය තුලට එම දරුවාට පැමිණීම සඳහා ඉඩ ලබාදෙන්නට නවසීලන්ත ක්‍රීඩකයින් හා බලධාරීන් ගත් මානුශික තීරණය නවසීලන්ත ක්‍රීඩකයන් වසර ගණනාවක සිට තනාගත් ගෞරවය යලිත් ප්‍රතිනිර්මාණය කරන්නක් විය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7