Cricket NewsEXCLUSIVE

තරඟයේ තියුණු අවස්ථාවක චාමික කරුණාරත්න හා Matthew Wade අතර හටගත් උණුසුම් වචන හුවමාරුව.!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති දෙවන තරගයත් කඩුලු 3කින් ජයගත් ඕස්ට්‍රේලියානුවන් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කළා.

අද තරඟයේත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 125ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 17.5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 126ක් වාර්තා කර ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා. එහිදී Matthew Wade පසුපෙළ පිතිකරු Jhye Richardson හා එක් ව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා සුරැකිව රැගෙන ගියා.

මේ අතර ඕස්ට්‍රේලියානු ඉනිමේ 14 වන පන්දුවාරය නිම වූ කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න සහ Matthew Wade අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් තරඟය අතරතුර විකාශය වුවා. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය තහවුරු කල Matthew Wade හට තරඟයේ වීරයා සම්මානය හිමි වුවා.

චාමික කරුණාරත්න සහ Matthew Wade අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button