Cricket NewsEXCLUSIVEMatch Review

වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් තියුණු තරඟයක් අවසානයේ ඕස්ට්‍රේලියාව කඩුලු 3කින් තරඟය ජය ගනී – 2-0ක් ලෙස තරඟාවලි ජයත් ඕස්ට්‍රේලියාවට.!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අද පැවති දෙවන තරගයත් කඩුලු 3කින් ජයගත් ඕස්ට්‍රේලියානුවන් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කළා.

අද තරඟයේත් කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක Aaron Finch ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුනා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගල වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකට අද දිනයේ වැඩි වේලාවක් කඩුල්ලෙ රැඳී සිටිමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්⁣නේ නැහැ. මුළු ලකුනු ගණන 7ක් වන විට ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටි අතර ඒ අනුව ඒ අනුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 66ක සම්බන්දතාවයක් ගොඩ නැගීමට සමත් වුනා.

චරිත් අසලංක ලකුණු 39ක් රැස් කල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වූ අතර අන් කිසිදු පිතිකරුවකු ලකුණු 15 සිමාව ඉක්මවීමට සමත් වුයේ නැහැ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Kane Richardson කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූ අතර Jhye Richardson කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 125ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ප්‍රභල පිතිකරණ බළඇණියට එම ඉලක්කය ශ්‍රී ලංකා පන්දු බලඇණිය හමුවේ එම ඉලක්කය පහසුවෙන් ලබා ගැනීමට හැකි වුයේ නැහැ. එම ඉලක්කය කරා යෑමේ දී ඕස්ට්‍රේලියානු කඩුලු 7ක් බිඳ හෙලුවා. කෙසේ නමුත් Matthew Wade හා Jhye Richardson ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා සුරැකිව රැගෙන ගියා

ඒ අනුව පන්දුවාර 17.5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 126ක් වාර්තා කර ඔස්ට්‍රේලියාව තරඟය ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Matthew Wade ලකුණු 26ක් රැස් කල අතර නායක Aaron Finch පන්දු 13ක් තුල ලකුණු 24ක් හා David Warner ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවනිඳු හසරංග කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහනය් සමග තරඟාවලිය ද 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා.

දෙරට අතර පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි-20 තරඟය එළඹෙන 11 වන දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button