Cricket NewsEXCLUSIVE

වේගයෙන් පන්දුවට පහර දෙමින් සිටි Stoinisව ලකුණු 17කට සිමා කරමින් චාමික කරුණාරත්න රැකගත් සුපිරි උඩපන්දුව.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අවසන් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

එහිදී ඔස්ට්‍රේලියානු මුල් පෙල කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දවා දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ළහිරු කුමාර විසින් යොමු කරන ලද ඕස්ට්‍රේලියා ඉණිමේ 12වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී එම අවස්ථාවේ පන්දු 10ක් තුල ලකුණු 17ක් ලබාගනිමින් වේගවත් පිතිකරණයක යෙදී සිටී Marcus Stoinis එල්ල කරන ලද පහරක් සාර්ථක උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගැනීමට චාමික කරුණාරත්න සමත් වුණා.

ඉතා සාර්ථක ලෙස ලකුණු රැස් කරගනිමින් ඉණිම ස්ථාවර කරගනිමින් සිට් ඕස්ට්‍රේලියාවට එම කඩුල්ල දැවී යාම දැඩි පාඩුවක් වුවා.

චාමික කරුණාරත්නගේ සුපිරි උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7