Cricket NewsEXCLUSIVEMatch Review

ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් තරඟය ජයගත් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය ගෞරවාන්විතව නිමා කරයි.!

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු තරඟ 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ අවසන් තරගයට අද ශ්‍රී ලංකා කණ්ඩායම පිවි⁣සියේ මෙම තරඟය හෝ ජය ගෙන ගෞරවය රැකගැනීමේ අපේක්ශාවෙනි.

එම තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

කෙසේ නමුත් තරඟාවලියේ ජයග්‍රහණය 4-1ක් ලෙස සත්කාරක ඕස්ට්‍රේලියාවට හිමි වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුණා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Mathew Wade ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා. Glenn Maxwell ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුනා.

එහිදී ඔස්ට්‍රේලියානු මුල් පෙල කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දවා දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ප්‍රවීන් ජයවික්‍රම සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් බිඳ ⁣හෙලුවා.

ඒ අනුව ලකුණු 155ක් ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 58ක් තුළ ලකුණු 69ක් රැස්කිරීමට සමත්වුණා.

ඊට අනගි සහායක් ලබාදුන් නායක දසුන් ශානක ලකුණු 35 ක් රැස් කළා.

වේගවත් පිතිකරණයක නිරතවූ චරිත් අසලංක පන්දු 9ක් තුල ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්තියේ යැවීමේදි Kane Richardson කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වූ අතර Ashton Agar එක් කඩුල්ලක් බිද හෙලුවා.

තර⁣ඟයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමි වූ අතර තරඟාවලියේ වීරයා සම්මානය හට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7