Cricket NewsEXCLUSIVELPL

අවසාන පන්දුව තෙක්ම තරඟය අත් නොහරිමින් චාමික කරුණාරත්න දියත් කළ යක්ෂ පිතිහරඹය.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා Dambulla Giants කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවති Qualifier 02 තරඟය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රභල Jaffna Kings කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුනා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 210 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වූ අතර ඒ අනුව ලකුණු 211ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dambulla Giants කණ්ඩායමේ පළමු කඩුලු කිහිපය ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක දී දැවී ගියා.

එනම් ලකුණු 85 වන විට කඩුලු 6ක් දැවී Dambulla කණ්ඩායමක් දැඩි අසීරු තත්වයක පසු වූයේ ලකුණු 100ක් ලබා ගැනීමටත් පෙර සියලු දෙනා දැවී යාමේ දැඩි අවදානම් තත්වයකයි.

කෙසේ නමුත් පසුපෙළ පිතිකරුවන් හා එක් වෙමින් තරගයේ පාලනය කෙමෙන් කෙමෙන් සියතට ගත් චාමික කරුණාරත්න ඉවසීමෙන් සිය ඉනිම ගොඩනඟා අවශ්‍ය මොහොතේ දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නිරතවෙමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පුරාවට දැවැන්ත පහරවල් එල්ල කිරීමට සමත් වුණා.

පන්දු 47ක් පුරාවට විහිදී ගේ චාමික කරුණාරත්නගේ සටන්කාමී ඉනිම ලකුණු 75 කින් වර්ණවත් වූ අතර එයට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 10ක් ඇතුළත් වුණ.

චාමිකගේ මෙම සුපිරි ඉණිමේ ප්‍රහාරාත්මක වේගය 159.57ක් ලෙස සටහන් වුණා.

කෙසේ නමුත් නියමිත පන්දු වාර 20 අවසානයේ Dambulla Giants කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණක් වීම නිසා ලකුණු 23 ක ජයග්‍රහණයක් Jaffna Kings වෙත හිමිවුණා.

කෙසේ නමුත් ලකුණු 100ක් ලබා ගැනීමටත් පෙර සියලු දෙනා දැවී යාමෙන් දැඩි අවදානමක සිටි Dambulla Giants කණ්ඩායම ජයග්‍රාහී සීමාව ආසන්නයටම රැගෙන ඒමට සමත් වූ චාමික කරුණාරත්න ගේ සුපිරි පිතිහරඹය ඇගයීමට ලක් විය යුතුම විශිෂ්ට පිතිකරණයකි.

චාමිකගේ පිතිකරණයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7