Cricket NewsEXCLUSIVE

චාමික කරුණාරත්න, ධනංජය සිල්වා, ලහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවතත් ශ්‍රී ලංකාවට කැඳවයි.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ප්‍රීමියර් තරඟාවලිය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර ILT20 තරඟාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිඩකයන් කිහිප දෙනෙකු වන චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් ව නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ නවසීලන්ත සමග පැවැත්වීමට නියමිත තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය සඳහා ඔවුන් සූදානම් කිරීමේ අරමුණිනි.

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් තරගාවලියේ තරග කිහිපයකට එම ක්‍රීඩකයින් සිවුදෙනා ක්‍රීඩා කිරිමට නියමිතව තිබෙන බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button