Cricket NewsEXCLUSIVEInternational

තවමත් 23 වන හැවිරිදිවියේ පසු වන Shubman Gill නවසීලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කරමින්, ඉන්දීය පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ඉනිමක රැස් කල ඉහලම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සිය නම ඉදියේ ලියා ගනී.!

ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟය මේ වන විට පැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඉන්දීය නායක Hardik Pandya පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත් අපන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 234ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

මෙහිදී ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල ආරම්භක Shubman Gill පන්දු 63කදී වේගවත් ලකුණු 126ක් නොදැවී රැස් කරමින් විස්සයි-20 පිටියේ සිය ප්‍රථම ශතකය රැස් කිරීමට සමත් වුනා.

එමෙන්ම මෙය ඉන්දීය ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ විස්සයි-20 පිටියේ ශතකයක් රැස් කල ලාබාලතම පිතිකරු ලෙස මෙන්ම ඉන්දීය පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි -20 පිටියේ ඉනිමක රැස් කල ඉහලම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද තවමත් 23 වන හැවිරිදි වියේ පසු වන Shubman Gillගේ නමිදිරියේ සටහන් කරමිනි.

Shubman Gillගේ මෙම විශිහ්ස්ට ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහර 12ක් ඇතුලත්ව තිබු අතර ප්‍රහාරාත්මක වේගය 200ක් ලෙස සටහන් ව තිබුනා.

ඔහුගේ මෙම විශිෂ්ට ශතකයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7