Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදි ඉදිකිරිමට සැරසේ!

2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම පසුගිය 20 වනදා පැවති අතර එහිදි යලිත් සභාපති ලෙස ශම්මි සිල්වා නිතරගයෙන් පත්විය,

නව පත්වීමෙන් පසු ශම්මි සිල්වා පැවසු අදහස්,

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා. ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලෙකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි. නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි. ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න. ඒක ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි.

දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම ICC එක ඉල්ලන අවශ්‍යතා අපි සම්පූර්ණ කොට අවසන්. ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක නෑ,“ නව සභාපති ලෙස ශම්මි සිල්වා මහතා එහි දී පැවසුවා.

thepapare.com ඇසුරෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
10
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7