Cricket NewsEXCLUSIVEUnder-19

චමිඳු සහ සදීශ රාජපක්ෂගෙන් යොවුන් ආසියානු කුසලාන තරඟ බිමේ ශතක දස්කම් – ශ්‍රී ලංකාවෙන් ලකුණු 322ක දැවැන්ත ලකුණු පුවරුවක්.!

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 පහළ ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වදින දෙවන තරඟය කෙන්යා කණ්ඩායමත් සමග මේ වන විට පැවැත්වෙනවා.

අද තරඟයේ කාසියේ පස්සේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙපළ වූ චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනියල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වූ අතර ශෙවෝන් ඩැනියෙල් ලකුණු 17ට දැවී ගියා.

අනතුරුව පිටියේ එක්වූ සදීශ රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 223ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට සමත් වූයේ යොවුන් ආසියානු කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම සබඳතාවය පවත්වමිනි.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ සදීශ රාජපක්ෂ ලකුණු 131ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සමග හතරේ පහරවල් 11 ක් ඇතුළත් වුණා.

චමිඳු වික්‍රමසිංහ ලකුණු 111 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 8ක් ඇතුළත් වුනා.

නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Mohommad Aadil Alam කඩුලු 2ක් බිඳ හෙලූ අතර Dev Khanl සහ Bibek Yadav අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 322ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා 19 පහළ තරුණ ක්‍රීඩකයන් සමත්වුණා.

ඒ අනුව ලකුණු 323 ක දැවැන්ත ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා නේපාල 19 පහළ ක්‍රීඩකයින් පිටියට පිවිසීමට නියමිතය.

තරඟයේ සජීවී ලකුණු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button