Cricket NewsEXCLUSIVE

2021 වසරේ සුපිරි T20 තරුව ලෙස Sports 360 විසින් වනිඳු හසරංගව නම් කරයි.!

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි සාර්ථකම වසර ලෙස 2021 වසර සැලකිය හැකිය.

ලෝක විස්සයි-20 පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැඳී සිටිමින් මෙම වසරේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන වනිදු, ලෝක කුසලාන තරඟාවලිය අවසන් කර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ පන්දු යවන්නා බවට පත්වෙමිනි.

ඉන් නොනැවතුණු වනිදු හසරංග විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරග මාලාවක් තුල ක්‍රීඩකයෙකු විසින් දවා ගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාවද වාර්තා කිරීමට මෙම තරගාවලියේදී සමත් වුණා.

එමෙන්ම ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරගාවලියේද කැපී පෙනෙන දස්කම් දැක්වූ වනිදු හසරංග එහිදී ද එක් තරග වාරයක් තුළ ක්‍රීඩකයෙකු දවා ගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වුණා.

මෙවැනි ඉතා ඉහළ දස්කම 2021 වසර පුරාවට දැක්වීමට වනිදු හසරංග සමත්වූයේ ශ්‍රී ලංකා ධජයද ඉහළින්ම තබමිනි.

මේ අතර ලෝකප්‍රකට ක්‍රීඩා වෙබ් අඩවියක් වන Sports 360 විසින් මෙම වසරේ විශිෂ්ටතම විස්සයි-20 කණ්ඩායම සහ වසරේ හොඳම විස්සයි-20 සුපිරි තරුව නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී Sports 360 විසින් නම් කරන ලද 2021 වසරේ සුපිරි විස්සයි-20 තරුව ලෙස නම් කර ඇත්තේ වනිඳු හසරංගවයි.

Sports 360 නම් කරන ලද 2021 වසරේ විස්සයි-20 කණ්ඩායම පහතින්,

RIZWAN (WK)
BUTTLER
KOHLI
MARSH
MARKRAM
MILLER
HASARANGA
SOUTHEE
AFRIDI
SHAMSI
HAZLEWOOD

Sports 360 ඒ පිළිබඳව තැබූ විශේෂ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button