Cricket NewsEXCLUSIVE

ලැබෙන ටෙස්ට් තරඟ ගණන මදියි කියා උදම් ඇණූ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 222 අවමන් සහගත පරාජයක් ! තරඟාවලි ජයත් පකිස්තානයට !

අද කොළඹ SSC පිටියේදී ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරඟය නිමාව දුටුවේ සත්කාරක ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 222 ක අවමන් සහගත පරාජයක් ලබාදෙමින්.

කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 166 ක් පමණයි.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ උපනායක දනංජයද සිල්වා ලකුණු 57 ක් රැස් කලේය.පකිස්තානය වෙනුවෙන් නසීම් ශා කඩුලු 3 ක් හා අබ්‍රාර් අහම්ඩ් කඩුලු 4 ක් බිඳ හෙලුවේය.

ඊට පිළිතුරු ලෙසින් පකිස්තානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 576 ක් රැස් කලේය.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් අබ්දුල්ලා ශෆීක් ලකුණු 201 ක් රැස් කලේය.සල්මන් අලී අගා නොදැවී ලකුණු 132 ක් රැස් කලේය.පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් බිඳ හෙලීය.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 188 ක සීමා කරමින් නෝමන් අලී කඩුලු 7 ක් බිඳහෙලද්දී නසීම් ශා කඩුලු 3 ක් බිඳහෙලීය.ඇන්ජලෝ මැතිව්ස් හුදෙකලා ඉනිමක නිරත වෙමින් නොදැවී ලකුණු 67 ක් රැස් කලේය.

දෙරට අතර දෙවැනි තරඟය ඉනිමකින් හා ලකුණු 222 කින් ජයගත් පකිස්තානය තරඟාවලි ජයකට හිමිකම් කියද්දී තරඟයේ වීරයා ලෙසින් සුපිරි තුන් ඉරියව් දස්කම් දැක්වූ සල්මන් අලී අගාර් සම්මාන දිනාගත්‍තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button