EXCLUSIVELPLPremier League

Player Draft එකෙනුත් හැලුන චන්දිමාල් LPL වැඩ්ම ලකුණු ලාභියා බවට පත්වේ – පරණ චන්දිමාල් ආයෙ ඇවිත් ද ?

May be an image of 1 person, playing a sport and text

දිනේශ් චන්දිමාල් යනු මුල් කාලයෙ ඉතා ප්‍රවේගකාරි පිතිකරුවෙක් බව අපි හැමෝම දන්නා කාරණයක්. වසර කිහිපයක් තිස්සෙ පසුබෑමට ලක්වූවත් මේ වන විට නැවතත් ඔහුගෙ පැරණි රිද්මයට පැමිණ ඇත්දැයි ඔහු අපිට ඉගි පලකරමින් සිටිනව.

දිනේශ් චන්දිමාල් කියන්නෙ LPL 2021 player draft එකටවත් ඇතුලත් උනේ නැති ක්‍රීඩකයෙක්. නමුත් පසුව ක්‍රිකට් ආයතනයෙ ඉල්ලීමකින් හා softlogic අයිතිකරුවන් විසින් ඔහුව කොළඹ කණ්ඩායම සදහා මිලදි ගන්නව .

May be an image of 1 person, playing a sport and text

ඔහු එම තීරණයට සාධාරණයක් කිරීමට මේ වන විට සමත් වී තිබෙනව. මේ වට විට ඔහු LPL 2021 හි වැඩිම ලකුණු ලාභියා වෙලා ඉන්නෙ 55 ක සාමන්‍යක් හා 151 ක පන්දුවට පහරදීමෙ වේගයකුත් එක්ක.

දිනේශ් චන්දිමාල් LPL 2020 තරගාවලියට සාපේක්ෂව මේවර ඉතා විශාල දියුණුවක් ලබාගෙන තිබෙනව.

LPL 2020 තුල දිනේශ් චන්දිමාල් ඉනිම 8කදි ලකුණු 246ක් ලබාගෙන තිබෙන්නෙ ලකුණු 41ක සාමන්‍යක් හා 129.47 ක පන්දුවට පහරදීමෙ වේගයක්ද සමගින්. තවද ඔහු ලකුණු සටහනෙ 8 වෙනි ස්ථානය පමණයි හමි කරගැනීමට සමත් උනෙ.

LPL 2021 තුල චන්දිමාල් ඉනිම 8කදි ලකුණු 275ක් ලබාගෙන ඇති අතර ලකුණු 55ක සාමන්‍යක් රදවා ගනිමින් 151.93 ක පන්දුවට පහරදීමෙ වේගයක්ද රදවා ගැනීමට සමත් වී තිබෙනව. 4 පහර 22 ක් හා හයේ පහර 11 ක්ද ඒ සදහා ඇතුලත්.

May be an image of 2 people, people playing sport and text

වැඩිම හයේ පහරවල් එල්ල කල පිතිකරුවම් අතර 6වන ස්ථානයෙ පසුවන්නෙ චන්දිමාල් වන අතර මෙතෙක් එල්ල කල දිගම හයේ පහරවල් අතර දෙවෙනියට වැඩිම දුර ඇත්තෙද චන්දිමාල් හටයි.

ලීග් එකකින් ක්‍රීඩකයෙක්ගෙ ගැන හරියටම කියන්න බැ. අපි බලමු චන්දිමාල් ජාත්‍යන්තර පිටියෙ කොහොම වැඩ පෙන්නයිද කියලා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button