Cricket NewsEXCLUSIVELPLMatch Review

“කැන්ඩි වොරියර්ස්” මෙවර තරඟාවලියෙන් ඉවතට විසි කරමින් Colombo Stars අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය ලෙස අද Kandy Warriors සහ Colombo Stars කණ්ඩායම් අතර පැවති තීරණාත්මක තරඟය ජයග්‍රහණය කරමින් Jaffna Kings, Galle Gladiators සහ Dambulla Giants යන කණ්ඩායම් ත්‍රිත්වය සමග මෙවර තරඟාවලියේ අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Colombo Stars අද සමත්වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Kandy Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Colombo Stars කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිස Colombo Stars පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 182ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

කලකට පසුව ලකුණු අතරට පිවිසි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 38ක් තුළ වේගවත් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා

ධනංජය ද සිල්වා පන්දු 28ක් තුළ ලකුණු 40යි. නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 16ක් තුළ ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේ දී Colombo Stars කණ්ඩායමට සාර්ථක ප්‍රහාරාත්මක අවසානයක් ගෙන දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 44 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නිමේෂ් විමුක්ති කඩුලූ 3ක් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 183ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kandy Warriors කණ්ඩායමට පන්දු වාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.

Kandy Warriors ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Ravi Bopara පන්දු 31ක් තුළ ලකුණු 47 ක් රැස් කළා.

අසේල ගුණරත්න ලකුණු 17ක් රැස් කළ අතර Kennar Lawis ලකුණු 21ක් රැස්කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූයේ මෙවර තරගාවලියේ එක් තරඟයක ක්‍රිඩකයකු ලබා ගත් ඉහලම කඩුලු ගණනේ වාර්තාව ද තමන් සතු කර ගනිමිනි.

සීකුගේ ප්‍රසන්න කඩුලු 2ක් බිඳ හෙලුවා.

මෙම තරඟයත් සමඟ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික අදියරේ සියලු තරඟ අවසන් වූ අතර ඒ අනුව PLAY OFF වටයේ තරඟ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

මූලීක වටයේ අවසානයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button