Cricket NewsEXCLUSIVELPL

මීටර් 113ක් දිග LPL ඉතිහාසයේ දැවැන්තම හයේ පහර කොදෙව් දැවැන්තයෙක් එල්ල කරයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය ලෙස Kandy Warriors සහ Colombo Stars කණ්ඩායම් අතර පැවති තීරණාත්මක තරඟය ජයග්‍රහණය කරමින් Jaffna Kings, Galle Gladiators සහ Dambulla Giants යන කණ්ඩායම් ත්‍රිත්වය සමග මෙවර තරඟාවලියේ අවසන් වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Colombo Stars කණ්ඩායම සමත්වුනා.

මේ අතර මෙම තරඟයේදී මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු මෙතෙක් එල්ල කළ දිගම හයේ පහර එල්ල කිරීමට Kandy Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරු Kennar Lawis සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Colombo Stars ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර අනතුරුව ජයග්‍රාහි ඉලක්කය හඹා යාමේ අරමුණින් Kandy Warriors කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසියේ මිනෝද් භානුක සමගින් Kennar Lawisය.

ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම Kennar Lawis විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් මෙවර තරගාවලියේ දිගම හයේ පහරේ වාර්තාව තමන් සතු කර ගත්තේ ජෙෆ්රි වැන්ඩර්සේ යොමු කළ පන්දුවකට එරෙහිවයි.

එම හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 113ක් ලෙසයි.

මීට පෙර දිනේෂ් චන්දිමාල් විසින් මීටර් 105ක් දුරකට හයේ පහරක් එල්ල කරමින් තරගාවලියේ දිගම හයේ පහරේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගෙන තිබු අතර මෙම මීටර් 113ක් දිග දැවැන්ත පහරත් සමගින් එම වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට Kennar Lawis සමත් වුනා.

එම දැවැන්ත හයේ පහර එල්ල කරන ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7