Cricket NewsEXCLUSIVE

වනිඳුගේ THE HUNDRED ගමනට ක්‍රිකට් ආයතනය හරස් වෙයි.!

එංගලන්තයේ පැවැත්වීමට නියමිත THE HUNDRED පන්දු සියයේ තරඟාවලිය සඳහා සහභාගී වීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හට එම තරඟාවලිය සඳහා පිටත් වීමට ඉල්ලා සිටි අවසර අද ප්‍රතික්ෂේප කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හසරංග හට NOC ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණේ එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ලෝක කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සූදානම් වීමට ඔහුට කාලය ලබාදීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙලේ ක්‍රිකට් ආරංචි මාර්ග six cricket වෙත සඳහන් කර සිටියේය.

පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ක්‍රීඩක කෙටුම්පතේ කිරීමේදී හසරංග පවුම් 100,000 ක මුදලකට මිලදී ගත්තේ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම විසිනි.

ජොස් බට්ලර් නායකත්වය දරණ මැන්චෙස්ටර් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වූ හසරඟගේ ආදේශනය කවුරුන්ද යන්න තවමත් මැන්චෙස්ටර් කලමණාකාරීත්වය ප්‍රකාශ කර නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button