ශ්‍රී ලංකාව ඉදිරියේ ලැබූ පරාජය හේතුවෙන් බංගලාදේශ ටෙස්ට් නායකයාගේ නායකත්වයත් ගැලවෙයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පසුගිය දා ශ්‍රී ලංකාව සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජයක් විඳ දරා ගැනීමට සත්කාරක බංගලාදේශ කණ්ඩායමට සිදු වුණා.
ඒ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි දස්කම් හමුවේ බංගදේශ පිතිකරුවන් එකා පිට එකා දැවීයාමත් සමඟයි.
මෙම පරාජයත් සමඟම බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දැරූ Mominul Haque හට නායකත්වයෙන් ඉවත් වීමේ දැඩි බලපෑම් බංගලදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් ද එල්ල වුණා.
පසුගියදා බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ඔහුට ලිඛිතවම දන්වා තිබුණේ ඔබ තවදුරටත් නායකත්වය සිටිනවාද නැද්ද යන්න ඉතා ඉක්මනින් දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව බංග්ලාදේශ ටෙස්ට් නායක Mominul Haque මිට සුළු මොහොතකට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට භාර දී තිබෙනවා.
ඒ අනුව බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් නව නායකයෙකු තවත් දින කිහිපයකින් නම් කිරීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටිනවා

