Cricket NewsEXCLUSIVEInternational

“මගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන එකම ඉලක්කය ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම” – ජයග්‍රාහී නායක හර්දික් පාණ්ඩ්‍යා

ඉන්දිය සිනමා ගායක සුපිරි තරු රැසකගේ වර්ණවත් උත්සවයකින් පසු ආරම්භ වූ IPL 2022 තරගාවලියේ අවසන් මහා තරඟයේන් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව 7 කින් තරඟය ජය ගත් Gujarat Titans කණ්ඩායම සිය කුළුඳුල් IPL තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුයේ IPL වංශකතාවේ නව පරිජ්ජේදයක් ආරම්භ කරමිනි.

තරඟයෙන් අනතුරුව ජයග්‍රාහී Gujarat Titans නායක හර්දික් පාණ්ඩ්‍යා සිය මීළග ප්‍රධාන ඉලක්කය ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් ජය ගැනීම බව ප්‍රකාශ කර සිටියා.

එම අවසන් මහා තරගයේ දී පන්දු යැවීමෙන් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් හර්දික් පාණ්ඩ්‍යා, පිතිකරණයේ දී ලකුණු 34ක් රැස් කිරීමට ද සමත් වුණේ සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කරමිනි.

හර්දික් පාණ්ඩ්‍යා IPL ශූරතාවයක් දිනූ 5 වැනි අවස්ථාව මෙය වන අතර නායකයෙක් ලෙස ශුරතාවයක් ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ හර්දික් පාණ්ඩ්‍යා,

“මීට කලින් මම දිනපු ශූරතා හතරත් එක වගේම විශේෂයි. IPL ජයග්‍රහණය කිරීම සැමවිටම විශේෂ දෙයක්. අවසන් මහා තරග (IPL) 5ක් ක්‍රීඩා කිරීමට ලැබීම වගේම පස් වතාවක් ශූරතාවය දිනා ගැනීමට ලැබීම ගැන බලනකොට මම හිතනවා මම ඉතාමත් වාසනාවන්තයි” යනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා සදහන් කළා.

“නිසැකවම මෙය උරුමයක් ඉතිරි කරාවි, මොකද අපි අලුත් කණ්ඩායමක්, පළමු වරට ක්‍රීඩා කළේ, ඒ වගේම අපි පළමු තරග වාරයේම ශූරයින්. නමුත් මීට පෙර මා දිනූ ශූරතා හතරම එක හා සමානව විශේෂයි.”

කෙසේ වෙතත්, හර්දික් පාණ්ඩ්‍යා පෙන්වා දෙන්නේ තම කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණ වන්නේ ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් ජය ගැනීම බවයි.

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button