Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ඉතිහාසයම ⁣අළුත් කරමින් ඉන්දියාව ඉන්දියාවේදි පරාජය කර, ඓතිහාසික තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමේ අරමුණින් දසුන් ප්‍රමුඛ ⁣යොවුන් සිංහයින් අද සටනට.!

හර්දික් පාණ්ඩ්‍යා ප්‍රමුඛ ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව දසුන් ශානක ප්‍රමුඛ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ⁣අද රාත්‍රියේ ඓතිහාසික ජයග්‍රහණයක් වෙනුවෙන් රාජ්කොට් හිදී තරඟ බිමිට පිවිසීමට නියමිතයි.

ඒ එදා මෙදා තුර සිටි කිසිදු ‍ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයෙකුට හෝ කණ්ඩායමකට සිදුකිරීමට නොහැකි වූ ඉන්දියාව ඉන්දියාවේදි පරාජය කරමින් තරඟාවලියක් ජය ගැනීමයි.

එදා මෙදාතුර ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාව ඉන්දියාවේදී, ඉන්දීය කණ්ඩායම තරගාවලියකින් පරාජය කිරීමට සමත්වී නොමැත. ( ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ ටෙස්ට්, එක්දින හා විස්සයි-20 යන කිසිදු ආකෘතියකින් ඉන්දියාව ඉන්දියාවේදි පරාජය කරමින් තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කර නැත )

කෙසේ නමුත් විචාරකයින් පෙන්වා දෙනු ලබන්නේ මෙම වාර්තාව බොහෝවිට අද දිනයෙදී බිඳ හෙළී යනු ඇති බවයි. ඊට ප්‍රධාන හේතුව දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ දී බොහෝ සෙයින් ඉදිරියෙන් සිටීමයි.

පළමු විස්සයි-20 තරගයේදීද ලකුණු 2ක තියුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයේ දී ලකුණු 206ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වුණා.

කෙසේ නමුත් විදෙස් විස්තර විචාරකයින් පෙන්වා දෙනු ලබන්නේ අද තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි. අද තරගය සඳහා ඉන්දියාව එක් වෙනස්කමක් සහිතව ක්‍රිඩා කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රාහි කණ්ඩායම සමඟ අද දිනයේ දී ද ක්‍රීඩා කරනු ඇත.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් එය ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ දී ලැබූ ප්‍රථම තරඟාවලි ජයග්‍රහණය ලෙසටයි.

එදා මෙදාතුර ඉතිහාසයේ කිසිදු ශ්‍රී ලංකා නායකයෙකුට සිදුකිරීමට නොහැකි වූ එම භාරදූර කාර්යය සිදු කරමින්, 2019 වසරේදි තරුණ කණ්ඩායමක් සමග දසුන් ශානක පකිස්තානයට අත් කළ ඉරනම අද ඉන්දියවෙට අත් කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝකයේ වෙනස්ම මානයකින් ඔසවා තැබීමට දසුන් ශානක ප්‍රමුඛ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබේවිද ?

අංක 7 දරන ජර්සිය පැළඳ ක්‍රිඩා කරන නායකයකු විසින් ඉන්දිය ක්‍රිකට් ඉතිහාසය ජනවාරි 07 වෙනස් කරයිද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7