Cricket NewsEXCLUSIVE

“ඉන්දියා – ශ්‍රී ලංකා විස්සයි-20 තරඟාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට කලින් තිබ්බා නම්, දසුන් ශානකව මිලදී ගන්න කණ්ඩායම් වලට මුදල් මදි වේවි”- ගෞතම් ගාම්භීර්

විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසය අලුත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවකාශය නිර්මාණය වූ දිනයක් වූ අද දිනය වන විට ශ්‍රී ලංකා නායක දසුන් ශානක පිලිබඳව සමස්ථ ලෝකයම අවධානය දිනාගෙන අවසන්.

ඉන්දීය පන්දු යවන්නන් හට අවසන් කාලයේදී භීතිකාවක් වන්නට ශ්‍රී ලංකා නායක දසුන් ශානක හට හැකියාව ලැබෙද්දී අවසන් තරඟ 5 තුලදී පමණක් ඉන්දියාවේදී දසුන් ශානක ලකුනු 255ක් රැස් කරගෙන තිබෙන්නේ 225 ක ප්‍රහාරාත්මක වේගයක්ද සමඟින්.

මීට පෙර පසුගිය වසරේදීද දසුන් ශානක අතිශය සාර්ථක වූ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ශානක මිලදී ගැනීමට කිසිවෙකු උනන්දු නොවීම කාගේත් කතා බහට ලක්විය.

ශානක මේ වසරේදී මිලදී ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය නායක ගෞතම් ගාම්භීර් කියා සිටියේ

“ඉන්දියා – ශ්‍රී ලංකා විස්සයි-20 තරඟාවලිය IPL ක්‍රීඩක වෙන්දේසියට කලින් තිබ්බා නම්, දසුන් ශානකව මිලදී ගන්න කණ්ඩායම් වලට මුදල් මදි වේවි” යනුවෙනි.

කෙසේ නමුත් ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අහිමි වූ IPL කණ්ඩායම් කිහිපයක් දසුන් පිළිබඳව අවධානයෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය රැසක් වාර්ථා කර තිබුණු අතර ඒ අතර ඉහළින්ම සිටින කණ්ඩායමක ග්ලේන් මැක්ස්වෙල්ගේ අනුප්‍රාප්තිකයා වීමට දසුන් හට ඇති ඉඩකඩ ඉතා ඉහල බවත් ඔවුන් වාර්ථා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7