Cricket NewsEXCLUSIVE

“දසුන් ගහපු ගැහිල්ලට ලංකාවට වගේම ලෝකෙටම ඇ⁣හැරෙන්න වුනා” – අතීතයේ ඉන්දීය පන්දු යවන්නන්ට අඳුරු සිහිනයක් බඳු වූ සනත් ජයසූරිය, වර්තමාන වීරයා ගැන කියු කතාව.!

අද රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තීරණාත්මක තරගයක් ක්‍රිඩා කිරීමට නියමිතයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තෙවන සහ අවසාන තරගය ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙනවා.

මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයග්‍රහණය කරමින් තරගාවලිය සම තත්ත්වයේ පවතින අතර තෙවන සහ අවසන් තරගය වන අද පැවැත්වෙන තර⁣ඟයේ ජයග්‍රහයකයින් තරගාවලි ජයග්‍රහයකයින් බවට පත්වනු ඇත.

මේ අතර පසුගියදා පැවති දෙවන විස්සයි-20 තරගාවලියේ දී දසුන් ශානක ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය පිළිබඳව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

“දසුන් ශානක විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළේ, අපි කාලෙකට පසු දැකපු සුපිරි ඉනිමක් ඒක. හරිම නිවැරදි ක්‍රිකට් ශොට් ටිකක් බලන්න පුලූවන් වුණා. නායකයෙක් හොද ආත්ම විශ්වාසයක් එක්ක එහෙම ගහද්දි මාරම ආසයි බලන් ඉන්න.

ඒ ගහපු ගැහිල්ලට ලංකාවට වගේම ලෝකෙටම ඇහැරෙන්න වුණා ඒ ගැහිල්ලට. ඒ වගේම මම සතුටු වෙනවා ඔහු නායකත්වයේ වගකීම අරගෙන පීඩනය යටතේ ඒ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කරපු එක ගැන. ඉන්දියාව එක එක අත්හදා බැලීම් කරනවා මේ දවස්වල. ඒ ගොල්ලෝ ලංකාවත් එක්ක නවක ක්‍රීඩකයෝ අත්හදා බලනවා. මං හිතන්නේ අපට ඒක අදාල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඕනි කෙනෙක් අත්හදා බැලීම් කරගත්තදෙන්. අපි ගහලා දිනා ගන්න ඕනි.

මං හිතන්නේ එච්චරයි. අපේ තියෙන හොදම ටීම් එක ගහලා දවස අවසානයේ අපි ගහන්නේ ඉන්දියාවටනේ.. අපි කොහෙවත් ඕක ලියලා තියෙන් නෑනේ මේ ගොල්ලෝ මේ තරඟාවලිය අත්හදා බැලීම් කළා. මේ ක්‍රීඩකයෝ ගැහුවේ නැහැ කියලා, ඒක අපිට අදාල නැහැ.”

වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7