Cricket NewsEXCLUSIVET10 League

ලොව ⁣වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 තරඟාවලියේ Chennai braves කණ්ඩායම සිය නිත්‍ය ක්‍රීඩකයා ලෙස දසුන් ශානකව නම් කරයි.!

ක්‍රිකට් වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මීට වසර කිහිපයකට පෙර ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ඉසව්ව වන පන්දුවාර 10ක් ක්‍රිඩා කරනු ලබන T10 තරගාවලියේ 2022 සංස්කරණය එළඹෙන නොවැම්බර් 23 වන දා පටන් පුරා සති තුනක කාලයක් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

2017 වසරේ ප්‍රථම වරට පැවැත්වුණු මෙම තරඟාවලියේ එක් තරඟයක් විනාඩි 90කට සිමා වීම හේතුවෙන් ඉතා ඉක්මනින් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලඟා කර ගැනීමට සමත් වූ අතර මෙවර තරඟාවලිය පැවැත්වෙන්නේ 6වන වරටයි.

එමෙන්ම මෙවර තරඟාවලියේ තරඟ වදින Chennai braves කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකව නම් කර තිබෙන බව Chennai braves කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා. පසුගිය වසරේදී Chennai braves කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද දසුන් ශානක බැවින් මෙවරත් Chennai braves කණ්ඩායමේ නායකත්වයේ වගකීම බොහෝ විට දසුන් හට හිමි වනු ඇත.

මිට අමතරව ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර T10 තරගාවලියේ Northern Warriors කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයා ලෙස කටයුතු කරනු ලබනවා.

⁣නිත්‍ය ක්‍රිඩකයා ලෙස දසුන් ශනකව නම් කළ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද Chennai braves කණ්ඩායම තැබූ සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7