Cricket NewsEXCLUSIVE

පුටුවෙන් බැස ක්‍රීඩාංගනයටම පැමිණ, තරඟය අතරතුර සිය ක්‍රීඩකයන්ට උපදෙස් දුන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්.!

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර නිමා වූ තරගයේදී ශ්‍රී ලංකා පුහුණුකරු තරගය අතරතුරදී ක්‍රීඩාංගණයට පැමිණ පිතිකරු ධනුෂ්ක ගුණතිලක පිටියේ ක්‍රියාත්මක විය යුතු ආකාරය සිහිපත් කිරීම කාගේත් අවධානයට ලක් විය.

10 වැනි පන්දුවාරය අවසන් වෙද්දී සිසිල් පැන් පානය සඳහා තරගය නතර කර තිබියදී, කවුරුත් නොසිතූ අයුරින් සිල්වර්වුඩ් පිටියට පැමිණ ධනුෂ්ක ගුණතිලක සමඟ මිනිත්තු තුන හතරක කාලයක් කතා කරමින් සිට පිටව ගියේය.

සාමාන්‍යයෙන් ප්‍රධාන පුහුණුකරු තරගයක් අතරතුරදී ක්‍රීඩා පිටියට පැමිණ ක්‍රීඩකයන්ට උපදෙස් දීම දකින්නට නැත. සිල්වර්වුඩ් පුටු රත්කරමින් නොසිට මුළු හදවතින්ම තරගය සමඟ සිටි හෙයින් අවදානමින් මිදී ලකුණු අතරට පිවිසීමේ අවස්ථාව දූත පණිවුඩයකින් තොරව පිටියට පැමිණ ධනුෂ්කට කියා දුන්නේය.

ක්‍රිස්ටෝෆර් එරික් විල්ෆ්‍රඩ් සිල්වර්වුඩ් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ අතර, යෝක්ෂයර් ප්‍රාන්තයෙන් බිහි වූ දක්ෂ වේගපන්දු යවන්නෙකි. 90 දශකයේ වේගයෙන් පන්දු යවන්නකු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රසිද්ධියට විය.

ඡායාරූපය – ප්‍රින්ස් ගුණසේකර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7