Cricket NewsEXCLUSIVEIPL

පිත්තෙන් සහ පන්දුවෙන් යන ද්විත්වයෙන්ම සුපිරි දස්කම් දැක්වූ Chennai Super Kings කණ්ඩායම, KKR පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද තරගාවලියේ 33වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 49ක ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29කදී ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා.

Devon Conway ලකුණු 56ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kulwant Khejroliya කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 236ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Roy පන්දු 6ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Rinku Singh ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී Maheesh Theekshana සහ Tushar Deshpande කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වු අතර මතිෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
4
+1
9
+1
2
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button