Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමින් MS Dhoni ප්‍රමුඛ Chennai Super Kings කණ්ඩායම PLAY-OFF වටයේ ස්ථානය තහවුරු කර ගනී.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් මෙවර තරඟාවලියේ පළමු වටය නිමා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුයේ PLAY-OFF ස්ථානය තහවුරු කරගනිමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 223ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super King වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Devon Conway පන්දු 52කදී ලකුණු 87ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ruturaj Gaikwad ලකුණු 79ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 22ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 224ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ## පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු ##ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු ##ක් පමණයි

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක David Warner පන්දු 58ක් තුල වෙගවත් ලකුණු 86ක් රැස් කල අතර Axar Patel ලකුණු 15ක් රැස් කළා.

පන්දු යැවීමේදී Deepak Chahar කඩුලු 3ක්, මතිෂ පතිරණ සහ මහිෂ් තීක්ෂණ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button