Cricket NewsEXCLUSIVEIPL

CSK වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ Devon Conwayව අවශ්‍යම මොහොතේ වනිඳු හසරංග දවා ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 49වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වී තිබෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර ම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා මේ වන විට Chennai Super Kings පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

Chennai Super Kings මුල් පෙළ ශක්තිමත් කරමින් විශිෂ්ට පිතිකරණයක නිරත වූ Devon Conwayගේ කඩුල්ල දව ගැනීමට වනිදු හසරංග සමත් වුනා. දැවී යන විට සාර්ථක පිතිහරඹයක නිරත වී සිටි Devon Conway පන්දු 37ක් තුල වේගවත් ලකුණු 56ක් රැස් කර සිටියේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගිනුයි.

වනිදුගේ පන්දුවක් හමුවේ Devon Conway දැවී ගිය ආකාරය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button