Cricket NewsEXCLUSIVEIPLMatch Review

Delhi Capitals කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත් කරමින් මහිෂ් තීක්ෂණ ප්‍රමුඛ Chennai Super Kings ලකුණු 91ක ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 55වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 91ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 208ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Devon Conway පන්දු 49කදී ලකුණු 87ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ruturaj Gaikwad ලකුණු 41ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 32ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Anrich Nortje කඩුලු 3ක් බිඳ හෙලු අතර Khaleel Ahmed කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 209ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට පන්දුවාර 17.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 117ක් පමණයි

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mitchell Marsh පන්දු 20ක් තුල ලකුණු 25ක් රැස් කල අතර Shardul Thakur ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Moeen Ali කඩුලු 3ක් බිඳ හෙලිමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button