Cricket NewsEXCLUSIVEIPL

Delhi පන්දු රකින්නන් ප්‍රෙක්ශකයන් බවට පත් කරමින් Devon Conway නැවතත් ගිණිකෙළි පිතිකරණයක් දියත් කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 55වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 91ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 208ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 209ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට පන්දුවාර 17.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 117ක් පමණයි

එහිදී Chennai Super Kings වෙනුවෙන් සුපිරි පිතිකරණයක් දියත් කල ආරම්භක පිතිකරු Devon Conway පන්දු 49කදී ලකුණු 87ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ මෙම විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුලත් වුනා.

Devon Conway ඔහු සහබාගි වූ සෑම තරඟයකම පාහේ විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ අතර මේ වන විට ඖ ඉනිම් 4කට පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 231ක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දැක්වෙන්නේ 77ක් ලෙසයි.

Devon Conway අද දිනයේදී දියත් කල අධිවේගී පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7