Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals කණ්ඩායමේ ප්‍රභලම පිතිකරුවා වන David Warner මහිෂ් තීක්ෂණ යොමු කළ කැරම් පන්දුවක් හමුවේ දැවී යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 55වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 208ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 209ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් පසු කර යාමට Chennai Super Kings පන්දුයවන්නන් ඉඩ දෙන ආකාරයක් පෙනේනේ නැහැ.

මෙවර තරඟාවලියේ සාර්ථකම පිතිකරුවන්ගෙන් අයෙකු සහ Delhi Capitals කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වෙමින් පසුගිය තරඟ සියල්ලෙහිම පහේ Delhi Capitalsහි ජයග්‍රහණයේ නියමුවා වූ David Warnerව දව ගැනීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ සමත් වුනා.

මහිෂ් තීක්ෂණ යොමු කල පන්දුවක් හමුවේ David Warner කඩුල්ල මුවා කිරීමේ වරද හසු වී දැවී ගිය අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7