Cricket NewsEXCLUSIVELegends Series

ශ්‍රී ලංකා Legends සහ ඉන්දීය Legends කණ්ඩායම අතර පැවැත්වෙන Legends ලෝක ශුරතාවලියේ අවසන් මහා තරඟය අදයි.!

අතීත ක්‍රිකට් පිටිය රජකල සුපිරි ක්‍රිකට් තරු සහභාගී වන Road Safety World Series ලෝක ශූරතාවලිය අවසන් මහා තරගය India Legends කණ්ඩායම සහ ශ්‍රී ලංකා Legends කණ්ඩායම අතර අද රාත්‍රි 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ සිට අපරාජිතව අවසන් මහා තරගයට පිවිස සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්.

ඊට අමතරව සනත් ජයසූරිය, නුවන් කුලසේකර, උපුල් තරංග වැනි සුපිරි තරු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතුළත්ව සිටිනවා. ඉන්දිය Legends කණ්ඩායම අවසන් මහා තරඟයේදීත් මෙහෙයවනු ලබන්නේ ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසිනුයි.

පසුගිය වසරේ පළමු වරට පැවති Road Safety World Series තරඟාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉන්දියන් Legends කණ්ඩායම සමත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් බවටප් කරමිනි.

මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ සංවිධායකයන්ගෙන් ඇති වූ ඇතැම් ප්‍රශ්න සැබැවින් ම කණගාටුදායක කරුණක් බවට පත්වූ අතර ශ්‍රී ලංකා රසිකයන් ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ විරෝධය පළකර තිබුණා.

කෙසේ නමුත් තීරණාත්මක අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිත අතර සිදුවූ සියලූ අකටයුතුකම් වල වාඩුව ගනිමින් Legends ලෝකෙ ශූරතාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායමට හැකි වේවායි SixCricket අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7