Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවෙන් “0” වාර්තාවක් – අංක 03 ස්ථානයේ වැඩිම වාර ගණනක් “බින්දු” රැස් කළ ක්‍රිඩකයා බවට චෙට්ස්වර් පුජාරා පත් වෙයි.!

ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අංක 3 ස්ථානයේ පිතිකරණයේ නියැලෙන විශේෂඥ ටෙස්ට් පිතිකරුවෙකු ලෙස සැලකෙන Cheteshwar Pujara විසින් පිතිකරණයේ නියැලෙන පිතිකරුවෙකු විසින් නොතැබිය යුතුම වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ මේ වන විට පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාර අතරතුරයි.

සංචාරය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පළමු පන්දුවේදී ම ලකුණු නොලබා දැවී යාමත් සමග ඔහු මෙම අමිහිරි වාර්තාව පිහිටුවනු ලැබුවා.

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Lungi Ngidi ගේ පන්දුවක් හමුවේ කීගන් පීටර්සන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර මෙම දැවී යාමත් සමග ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉන්දීය අංක 03 පිතිකරුවෙකු විසින් වැඩිම වාරයක් ලකුණු බින්දුවට දැවී ගිය වාර්තාව අලුත් කිරීමට පුජාරා සමත් වුණා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිටපු ඉන්දීය නායක දිලීප් වෙන්ග්සර්කාර් විසින් වන අතර ඔහු ටෙස්ට් තරග 116ක් ක්‍රිඩා කර ඉනිම් 8ක් තුල බිංදුවට දැවී ගොස් තිබෙනවා.

ඊට අමතරව වත්මන් ඉන්දීය පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් 7 වතාවක් ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

ඒ අනූව ඉන්දීය අංක 03 පිතිකරුවකු විසික් ලකුණු නොලබා දැවී ගිය වැඩිම වාර ගණන 9ක් බවට පත් කරමින් එම අමිහිරි වාර්තාව තමන් සතු කරගැනීමට පුජාරාට සිදු වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7