Cricket NewsEXCLUSIVEInternational

වසර 10 කට පසු නවසීලන්ත බිමේදී නවසීලන්තය පරාජය කරන්නට සමත් වූ පළමු ආසියාතික කණ්ඩායම බවට බංග්ලාදේශ කණ්ඩායම සමත් වෙයි.

වසර 10 කට පසු ආසියාතික ටෙස්ට් කණ්ඩායමක් විසින් නවසීලන්තය තුලදී නවසීලන්තය පරාජය කිරීමට බංග්ලාදේශයට හැකිවිය.2017 වසරේ සිට නවසීලන්ත භූමිය තුල නවසීලන්තය ටෙස්ට් පිටිය තුල ගොඩනගා සිටි ජයග්‍රහණ ආධිපත්‍ය , අඛණ්ඩව ජයගෙන තිබූ තරඟ 17 කින් පසුව ඔවුන් පරාජය කල ප්‍රථම කණ්ඩායම බවටද බංග්ලාදේශය අද පත් විය .

බංග්ලාදේශය 2001 වසරේ සිට නවසීලන්තයේ තරඟ සංචාර වල නිරත වූ නවසීලන්තයට එරෙහිව තරඟ ආකෘති තුනෙහිම තරඟ 32 කට මුහුණ දී ඉන් එකදු තරඟයක් හෝ නවසීලන්තය තුලදී ජයගන්නට ඔවුන් අසමත් විය.දෙරට අතර පැවැති ටෙස්ට් තරඟ 16 න් බංග්ලාදේශය ජයග්‍රහණය කරන්නට සමත් වූ එකම තරඟයද වූයේ මෙම තරඟය විය. 2011 ජනවාරි මාසයේදී හැමිල්ටන්හිදී පාකිස්තානය නවසීලන්තයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලැබීමෙන් පසු නවසීලන්තයේදී නවසීලන්තය ටෙස්ට් තරගවලදී පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම බවටද බංග්ලාදේශය පත්වීම විශේෂත්වයකි.

නවසීලන්ත දෙවන ඉනිම විනාශ කර දැමූ Ebadot Hossain ගේ කඩුලු 6 සහ පළමු ඉනිමේදී සාමූහික පිතිහරඹයක නිරත වූ බංග්ලාදේශය 5 වන දින පළමු සැසියේදී සිය ඓතිහාසික ජයග්‍රහණය කරා ගමන් කළේය.ලකුණු 40 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියේය. බංග්ලාදේශය SENA රටක් තුල ලබාගත් ප්‍රථම ජයග්‍රහණයද මෙය විය.

නවසීලන්ත පළමු ඉනිම – 328/10 (ඩෙවෝන් කොන්වේ 122 , හෙන්රි නිකොල්ස් 75 , ශොරිෆුල් ස්ලාම් 3-69)

බංග්ලාදේශ පළමු ඉනිම – 458/10 (මොමිනුල් හක් 88 , ලිටන් දාස් 86 , ට්‍රෙන්ට් බෝල්ට් 4-85)

නවසීලන්ත දෙවන ඉනිම – 169/10 (විල්‍ යන්ග් 69 , රොස් ටේලර් 40 , එබාඩට් හොසේන් 6-46)

බංග්ලාදේශ දෙවන ඉනිම – 42/2 (නජ්මුල් හොසෙන් ශාන්ටෝ 17 , මොමිනුල් හක් 13*,කයිල් ජෙමිශන්1-12)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7