Cricket NewsEXCLUSIVEInternational

‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය යොදා ගෙන තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ‍සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ.

ලොව පුරා සිටින සෑම දරුවකුටම ජීවත් වීමට සහ දියුණු වීමට බලාපොරොත්තු ඇති කිරීම සහ සහයෝගය ලබාදීම ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. ඒ අනුව ලොව පුරා සියලුම දරුවන්ට සමානව සැලකීම සංඛේතවත් කරමින් නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැ‍හැයෙන් වර්ණවත් වනු ඇත.

ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට නිල් පැහැ එල්.ඊ.ඩී. අත් පළඳනාවක් ලබාදීමටත්, දෙවැනි ඉනිමේදී ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් නියමිතය. එහිදී ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තානාපතිවරුන් වන සචින් තෙන්ඩුල්කාර් මහතා සහ මුත්තයියා මුරලිදරන් මහතා සමග දෙරටේ ක්‍රීඩකයන්ද එක්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
2
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button